ඊශ්‍රායලයේ 76 වන නිදහස් දින සැමරුම අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ ප්‍රධානත්වයෙන් ඊයේ සිදුකෙරුණා.
ඊශ්‍රායලය පුරා රජයට විරෝධය පළ කරමින් උද්ඝෝෂණ පැවැත්වෙන අතරතුරදී නිදහස් දින සැමරුම සිදුකිරීම විශේෂත්වයක්.
ගාසා තීරය ඉලක්ක කර ගනිමින් සිදුකරන යුද මෙහෙයුම් අත්හිටුවන ලෙස හා ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනිමට කටයුතු කරන ලෙසයි විරෝධතාකරුවන් රජයට බලකර සිටින්නේ.
ඊයේ පැවති නිදහස් දින සැමරුම ඉතා චාම් ආකාරයෙන් සංවිධාන කර තිබු බවයි වාර්තා වන්නේ.
සාමාන්‍යයෙන් පැවැත්වෙන ගිණිකෙලි සංදර්ශන අත්හිටුවා තිබුණා.
සැමරුම් උත්සවය පටිගත කර පසුව රූපවාහිනිය ඔස්සේ විකාශය කිරීම ද විශේෂත්වයක්.