ජනවරමක් ලබාගැනීමෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම් වෙනස් කරන බවට පොරොන්දු ලබා දෙමින් ඇතැම් පක්ෂ නායකයින් ජනතාව ඇන්දවීම පදනම් විරහිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා
එමෙන් ම බදු අඩු කර රාජ්‍ය ආදායම අඩු කරගනිමින් රටක් වශයෙන් ඉදිරියට යා හැකි ක්‍රමවේදය කවරක් ද යන්න ජනතාවට ඔවුන් විසින් පැහැදිලි කල යුතු බවයි අමාත්‍යවරයා සදහන් කළේ.
මේ වනවිට රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගතකරණ ප්‍රතිපත්තිය සම්පාදනය කොට අවසන් බවත් ඒ සම්බන්ධයෙන් ඉදිරියේ දී පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක් ගෙන එන බවත් රාජ්‍ය ආයතන ලාභදායි තරඟකාරී සහ ජාත්‍යන්තරයට මුහුණ දිය හැකි තත්ත්වයකට ගෙන ඒම සඳහා අවශ්‍ය පිළියම් යොදන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා
ඒ සඳහා කොටස් විකිණීම, කළමනාකරණය වෙනස් කිරීම, සමුපකාර ක්‍රමයකට ක්‍රියාත්මක වීම ආදී ක්‍රම ඇසුරින් කවර හෝ අන්දමින් ඒ ඒ ව්‍යාපාර සඳහා වඩාත් ගැලපෙන ආකාරයකින් එම ප්රතිවිමගත කරන කටයුතු සිදු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නා
වෙනත් දේශපාලන පක්ෂ මෙම තත්ත්වයන් වෙනස් කරන බවට ජනතාව නොමග යවමින් සිදුකරන්නේ ද දැනට රජය ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළම බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා