මෙම වසරේ පළමු මාස හතර තුළ ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් බිලියන දෙකේ සීමාව ඉක්මවා තිබෙනවා.
ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය තුළ ඇමෙරිකා ඩොලර් බිලියන දෙකයි දශම බින්දුවයි හතක් නවයක් විදේශ ප්‍රේෂණ ලෙස ලැබී ඇති බවයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය නිවේදනය කර ඇත්තේ.
අප්‍රේල් මාසයේ දී පමණක් විදේශ ප්‍රේෂණ ඇමෙරිකා ඩොලර් මිලියන 543.8 ලැබී ඇති අතර එය 2023 වසරේ එම කාලයට සාපේක්ෂව 19.7%ක වර්ධනයක් බව සදහන්.
පසුගිය 2023 වසරේ මුල්මාස 4ට සාපේක්ෂව මෙම වසරේ එම කාලය තුළ විදේශ ගත ශ්‍රමිකයන් විසින් එවන ලද විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ද 11.4%ක වර්ධයක් පෙන්නුම් කර තිබෙනවා.