දකුණු පළාතේ පළමු පරිසර හිතකාමී ජලය මත පාවෙන අවන්හල අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා.
පාර්ලිමේන්තු මන්ත්‍රි විජයපාල හෙට්ටිආරච්චි මහතා ද මීට එක්වුණා.
ගාල්ල හෝලුවාගොඩ ප්‍ර දේශයේ මෙම අවන්හල පිහිටා තිබෙනවා.
මේ අතර මෙම වසරේ 17 වන සුව උදාන ජංගම සෞඛ්‍ය සායන වැඩසටහන ගාල්ල ගෝනාපීනුවල ප්‍රා දේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා.
බෝ නොවන රෝග වලින් ආරක්ෂා වීම සහ දීර්ඝ කාලයක් ජීවත්වීමේ මග මෙම වැඩසටහන හරහා කියා දෙන බවයි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කළේ.
ඒ මහතාගේ උපදෙස් අනුව සුව උදාන ජංගම සෞඛ්‍ය සායන වැඩසටහන් ක්‍රියාත්මක වනවා.