හෝමාගම නගරයේ පිහිටි රන් භාණ්ඩ ආයතනයක් වෙත පිස්තෝල ගිනි අවියක් අතැතිව යතුරු පැදි දෙකකින් අද (10) දින දහවල් පැමිණි නාදුනන පුද්ගලයින් සිවුදෙනෙකු විසින් එම ආයතනයේ තිබූ මුදල් රුපියල් ලක්ෂ 03 ක් සහ රන් භාණ්ඩ තොගයක් කොල්ල කා පලා ගොස් ඇති බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසනවා.
විකිණීමට ප්රදර්ශනය කර තිබූ මුදු 36 ක් සහ පෙන්ඩනට් 48 ක් ද කොල්ලකරුවන් විසින් කොල්ලකා පලා ගොස් තිබෙනවා.