වෙසක් පොහොයට සමගාමීව සංවිධාන කරන දන්සල් සඳහා අව්‍යශය සෞඛ්‍යමය උපදෙස් ලබා දීමට සූදානම් බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
ලඟම ඇති සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයට ගොස් දන්සල ලියාපදිංචි කර ඊට අදාළ උපදෙස් ලබා ගත හැකි බව එහි සභාපති උපුල් රෝහණ මහතා කියා සිටියේය.
මේ අතර මේ දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් පාචනය සහ උණ රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන බැවින් එළඹෙන වෙසක් සමයේදී ලබා දෙන දන්සල් සඳහා ජලය භාවිත කිරීමේදී සැලකිලිමත් වන ලෙස ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.