බ්රසීලයට බලපෑ අධික වර්ෂාව හේතුවෙන් දස දෙනෙකු මිය ගොස් 21 දෙනෙකු අතුරුදන්ව සිටිනවා.
දකුණු බ්රසීලයට මේ දිනවල අධික වර්ෂාවක් ඇදහැලෙමින් පවතිනවා.
මේ හේතුවෙන් පුද්ගලයන් 12 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි වාර්තා වන්නේ.
රියෝ ග්රෑන්ඩ් දෝ සුල් ප්රාන්තයේ ඇති වූ ජල ගැලීම් හේතුවෙන් නගර 100ක පුද්ගලයන් 3,300ක් පමණ අවතැන් ව සිටිනවා.
ඔවුන් ආරක්ෂිත ස්ථාන වෙත රැගෙන යාමටයි පියවර ගෙන ඇත්තේ.
ගංවතුර හා නායයාම් හේතුවෙන් පුද්ගලයින් 11 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර 20,000 කට වැඩි පිරිසක් පීඩාවට පත්ව සිටිනවා.