ඉන්දීය ණය අරමුදල් යටතේ කන්කසන්තුරය වරාය ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස 2017-05-02 දින අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇති අතර ව්‍යාපෘති කළමනාකරණ උපදේශක සේවා පිරිනැමීම සඳහා 2019-12-18 දින අනුමැතිය සඳහා ලබාදී තිබෙනවා
උපදේශක සේවා ආයතන විසින් සකස් කරනු ලැබ ඇති ඇස්තමේන්තු ගත පිරිවැය අදාල ණය මුදලට වඩා වැඩිවීම හේතුවෙන් ව්‍යාපෘතියෙහි කටයුතු අපේක්ෂිත පරිදි ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇති බව සඳහන්.
එබැවින් රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්ව ක්‍රමවේදය යටතේ එම ව්‍යාපෘතිය නිම කිරීමේ හැකියාව පිළිබඳව ඉන්දීය රජය සමඟ තවදුරටත් සාකච්ඡා කරනු ලැබ ඇතැයි ද රජය සඳහන් කරනවා.
ඒ අනුව ව්‍යාපෘතියෙහි වැදගත්කම සැලකිල්ලට ගෙන එහි සමස්ත ඇත්තමේන්තු ගත පිරිවැය මූල්‍ය ප්‍රදානයක් වශයෙන් ලබා දීමට ඉන්දීය රජය එකඟතාවය පළ කර තිබෙනවා
එකී මූල්‍ය ප්‍රදාන බාර ගැනීමටත් ඒ සඳහා වන අදාළ ගිවිසුම් වලට එළඹීමටත් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.