අභ්‍යවකාශයට ගිය ලොව පළමු මිනිසා වන යූරි ගගාරි අනූවන ජන්මදින සැමරුම කොළඹ රුසියානු නිවසේදී පැවැත්වුණා..
ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවන් දගාරියන් මහතා,සහ කොළඹ රුසියානු මන්දිරයේ ප්‍රධානී..මාරියා පොපෝවා මහත්මිය මෙහි ප්‍රධාන ආරාධිතයන් වුණා..
ශ්‍රී ලංකාව සහ රුසියාව නියෝජනය කරමින් පැමිණ සිටි ප්‍රධාන ආරාධිතයින් වෙත මෙම උත්සවය සංකේතවත් කිරීමට තිළිණ ප්‍රධානය සිදුකළා..
යූරි ගගාරි ශ්‍රී ලංකාවට පැමිණීම සහ යූරි ගගාරි වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ඇති ගෞරවය පිළිබිඹු කරමින් වාර්තාමය වැඩසටහනක් ද මෙහිදී ඉදිරිපත් කළා.
පාසල් හා විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් , ත්‍රිවිධ හමුදා නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට එක් වුණා..