පාස්කු ප්‍රහාරය සිදු වී හෙටට වසර 05 ක් ගත වනවා. සහරාන් ඇතුළු ත්රස්තවාදීන් පාස්කු ප්‍රහාරය සිදු කළේ දේශපාලන අරමුණකින් නොව ආගමික අන්තවාදය හේතුවෙන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා මාධ්‍ය හමුවක් කැඳවමින් සදහන් කර සිටියා.
මේ අතර ජාත්‍යන්තර බුද්ධි අංශ පාස්කු ප්‍රහාරයේ මහමොලකරු නවුෆර් මවුලවි බවට තහවුරු කර ඇති බවයි ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කලේ.
පාස්කු ප්රහාරයකයන් දෙදෙනෙකුගේ පියා වන ජනතා විමුක්ති පෙරමුණු ජාතික ලැයිස්තු අපේක්ෂක ඊබ්‍රහීම් පිළිබදව අද පැවති මාධ්‍ය හමුවකදී සිරිල් ගාමිණී පියතුමන් සිය අදහස් පල කර සිටියා.
එමෙන්ම ජාතික ජනබලවේගයේ නියෝජිතයින් පිරිසක් අගරදගුරු මැක්ලකම් කාදිනල් රංජිත් හිමිපාණන් හමුවීම පිළිබද සම්බන්ධයෙන් ද අද පැවති මාධ්‍ය හමුවේදී සිරිල් ගාමිණි පියතුමා මෙසේ අදහස් දැක්වුවා.
එමෙන්ම ඊයේ දිනයේදී තමන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් ප්‍රකාශ සම්බන්ධයෙන් සිරිල් ගාමිණී පියතුමා දැක්වූයේ මෙවන් අදහසක්.