යුක්රේනයට තවත් ආධාර තොගයක් ලගදීම ලබාදීමට ඇමෙරිකාව සූදානමින් පසු වනවා.
මාස ගණනාවක ප්රමාදයකින් පසුව ඇමෙරිකා නියෝජිත මන්ත්රී මණ්ඩලය යුක්රේනය සහ ඊශ්රායලය සදහා ඩොලර් බිලියන ගණනක යුද ආධාර ලබා දෙන යෝජනාව පිළිබද ඡන්ද විමසීම පැවැත්වීමට සූදානම් වනවා.
කෙසේ වුවද මෙම යෝජනාවන්ට කොංග්රසයේ විරෝධය පල කරන පිරිස් සිටින බවයි වාර්තා වන්නේ.
ඇමෙරිකා පාර්ලිමේන්තුවේ කතානායක මයික් ජොන්සන් ප්රකාශ කළේ තමාගේ බලය ගිලිහීමට වුවද මෙය හේතුවක් විය හැකි බවයි.
එසේ වුවද නියමිත පරිදි ඡන්ද විමසීම පවත්වන බව ඔහු කියා සිටිනවා.