රුපියල් ලක්ෂ 75ට අයිස් මත්ද්‍රව්‍ය සමග නාවික හමුදා නිලධාරීන් දෙදෙනෙකු ඇතුලු 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මුල්ලේරියාව පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබුනු තොරතුරකට අනුව කළ වැටලීමකදීයී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ. මෝටර් රථයක්/ ත්‍රී රෝද රථයක් සමග අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 510 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන සැකකරුවන් පෙතියාගොඩ සංඛගේ සහ අංගොඩ ලොක්කාගේ ගෝලයන් බවයි ආරක්ෂක අංශ සදහන් කරන්නේ.අංගොඩ ප්‍රදේශයේ නිවසක් සෝදිසි කිරීමේදී සැකකරුවන් හා අයිස් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනුණා.
එම නිවසට පැමිණි තවත් දෙදෙනෙකු සෝදිසි කිරීමේදී ඔවුන් ලග තිබී අයිස් මත්ද්‍රව්‍ය සොයා ගැනීමට පොලීසියට හැකි වුණා.