හක්මන කෝන්ගල මධ්‍යම ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දීමෙන් විසි එක් හැවිරිදි තරුණයෙකු මිය ගොස් තිබෙනවා.
තරුණයාගේ සුළු පියා මෙම ඝාතනය සිදුකර ඇති බවයි පැවසෙන්නේ.
මියගිය තරුණයා සහ ඔහුගේ සුළු පියා අතර කලක සිට ආරවුලක් පැවති අතර කෝන්ගල මධ්‍යම බතලවත්ත අත්පන්දු ක්‍රීඩා පිටියේදී ගැටුමක් ඇතිවී තිබෙනවා. එහිදී සුළු පියා එල්ල කළ තියුණු ආයුධ ප්‍රහාරයකින් තුවාල ලැබූ මෙම තරුණයා කඹුරුපිටිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවයි මෙසේ මිය ගොස් ඇත්තේ.
මරණය සම්බන්ධයෙන් වූ මහේස්ත්‍රාත් පරික්ෂණය දෙයියන්දර වැඩ බලන මහේස්ත්‍රාත් තර්ස්ටන් ගුණරත්න මහතා සිදුකළ අතර පශ්චාත් මරණ පරික්ෂණය සදහා සිරුර කඹුරුපිටිය රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කිරීමටයි නියෝග කෙරුණේ.
මෙම ඝාතනයෙන් අනතුරුව සැකකරුගේ නිවසට හා දේපළවලට කිසියම් පිරිසක් හානි සිදුකර ඇති අතර පළාගොස් සිටින සැකකරු සොයා පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.