බක්මහ අසිරිය ලොවට කියා පාමින් අයිටීඑන් මාධ්‍ය ජාලයත් විවිධ වැඩසටහන් විකාශය කරනවා.
හෙට දවස පුරා මෙන්ම අනිද්දා දිනයේ ද අලුත් අවුරුදු විශේෂ විකාශයන් සිදුකෙරෙනවා.
අලුත් අවුරුදු සිරිය විද ගැනිමට මේ සියලු වැඩසටහන් සමග එක්වන ලෙස අයිටීඑන් අපි ප්‍රේක්ෂක ඔබට ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා.
අයිටීඑන් තරු රැළේ සූර්ය මංගල්‍යය හෙට පෙරවරු 11.30ට විකාශය කෙරෙනවා.
කොත්මලේ තරු වටා අවුරුදු රටා වැඩසටහන හෙට පස්වරු 4ට විකාශය කිරිමටයි කටයුතු යොදා තිබෙන්නේ. කෝණ මංගල්‍යයේ නෑ හෙත්තුවේ සිරිත් එච් එන් බී සාකච්ඡාමය වැඩසටහන හෙට පස්වරු 5.30ට විකාශය කෙරෙනවා.
අවුරුදු කුමරා කුමරිය වැඩසටහන රාත්‍රී 7ට විකාශය කිරිමට කටයුතු යොදා තිබෙනවා.
ජානු සමග රසපිරි අවුරුදු / ජානු අලුත් අවුරුදු නැකැත් මංගල්‍ය වැඩසටහන රාත්‍රී 10.30 සිට විකාශය කෙරෙනවා.
අයිටීඑන් සූර්ය මංගල්‍ය වැඩසටහන හෝමාගම මීගොඩ මහා විදුහල් ක්‍රීඩාංගනයේ දී අප්‍රේල් 14 වනදා එනම් අනිද්දා දවස පුරා විකාශය කිරීමට නියමිතයි.