මැදවච්චිය පොලිසියේ නිලධාරීන් කිහිපදෙනෙකු සිදුකළ බව කියන පහරදීමකින් තරුණයෙකුට සැත්කමක් සිදුකර තිබෙනවා.
කෙසේ වුවද පොලිසිය සඳහන් කරන්නේ බීමත්ව සිටි මෙම තරුණයා අණනොතකා තම රථය ධාවනය කර ඇති බවයි.
මැදවච්චිය තුලාවේලි ගම්මානයේ පදිංචි වයස අවුරුදු 23ක තරුණයෙකු සිය ලොරි රථය ධාවනය කරමින් සිටියදී මැදවච්චිය පොලිස් නිලධාරීන් එය නතර කරන ලෙසට අණකර තිබෙනවා.
තවත් තරුණයෙකු සමග මෙම රථය ධාවනය කළ තරුණයා පොලිස් නිලධාරීන් පසුකර ගොස් තිබෙනවා.
ඔවුන් කියා සිටින්නේ තමන් පොලිස් නිලධාරීන් නුදුටු බවයි. කෙසේ වුවද ලොරි රථය පසුපස හඹා ආ පොලිස් නිලධාරීන් එය නතර කර තිබෙනවා.
පසුව එම ස්ථානයට තවත් නිලධාරීන් පිරිසක් පැමිණ මෙම තරුණයන්ට පහරදුන් බවයි ඔවුන්ගේ ඥාතීන් කියා සිටින්නේ.
පසුව රථය ධාවනය කළ රියදුරා මැදවච්චිය රෝහලට ඇතුලත් කෙරුණා.
තත්ත්වය බරපතළ වු බැවින් මෙම තරුණයා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කෙරුණා.
අනතුරුව ශල්‍යකර්මයකින් ඔහුගේ වෘෂණ කෝෂයක් ඉවත් කෙරුණා.
කෙසේ වුවද මේ සම්බන්ධයෙන් පොලිසියෙන් අප කළ විමසීමකදී පොලිස් නිලධාරීන් කියා සිටියේ රිය පැදවු තරුණයා බීමත්ව සිටි බවත් ඔහු අණනොතකා රථය ධාවනය කළ බවයි.
කැබිතිගොල්ලෑව පොලිස් අධිකාරීවරයාගේ මෙහෙයවීමෙන් මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මක වනවා.