වාකරේ,මඟුල් පොකුණේ ස්කැවේටරයක් ආධාරයෙන් පුරාවස්තු සෙවූ පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විශේෂ කාර්ය බලකාය වාකරේ කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව වැලිකන්ද පොලිස් වසමේ මගුල් පොකුණ ප්රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී පුරාවස්තු සෙවීමේ අරමුණින් ස්කැවෙටර් යන්ත්රයක් මගින් කැණීම් කරමින් සිටි වැලිකන්ද ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 32 හා 73 පසුවන පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වැලිකන්ද පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.