කොළඹ බදුල්ල දුම්රිය ගමන් අරඹා වසර සියයක් සපිරීම නිමිත්තෙන බදුල්ල දුම්රිය ස්ථානයේ දී සැමරුම් උත්සවයක් පැවැත්වුණා.
සියවස් සැමරුම වෙනුවෙන් දුන්හිද ඔඩිසි සංචාරක දුම්රිය ද කොටුව දුම්රිය ස්ථානයේ සිට බදුල්ල දක්වා ගමන් කළා.
සියවස් සැමරුම වෙනුවෙන් සමරු මුද්දරයක් නිකුත් කිරීම අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.
අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා , රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් එම උත්සවයට එක්වුණා.
සියවස් සැමරුම වෙනුවෙන් දුන්හිද ඔඩිසි සංචාරක දුම්රිය ද බදුල්ල දක්වා ගමන් කළා.
දුම්රිය මැදිරිවල වහළ රහිතව ලී වලින් සැකසූ නැරඹුම් මැදිරි ඇතුළු මැදිරි තුනකින් සමන්විත සුඛෝපභෝගී කෙටි දුර සංචාරක දුම්රියක් කැලිප්සෝ නමින් බණ්ඩාරවෙල සිට දෙමෝදර දක්වා ගමන් ආරම්භ කිරීම ද මීට සමගාමීව සිදුකෙරුණා.