එළවළු මිල පහළ ගියද එළවළු තොග රැගෙන ව්‍යාපාරිකයන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණෙන්නේ අඩුවෙන් බවයි වාර්තා වන්නේ.
අළුත් අවුරුද්ද ලංවෙද්දී එළවළු මිල තවදුරටත් අඩුවනු ඇති බව වෙළදුන් පවසනවා.
එහෙත් ගොවීන් කියා සිටින්නේ මෙලෙස එළවළු මිල පහළ යාමෙන් තමන්ට පාඩු සිදුවන බවයි.
මාස කිහිපයකදී එළවළු මිල සීඝ්රයෙන් ඉහළ ගොස් තිබුණා.
එහෙත් මේ වන විට එළවළු මිල පහළ ගොස් ඇති බවයි බොහෝ ආර්ථික මධ්‍යස්ථානවල කළමනාකරුවන් ප්‍රකාශ කරන්නේ.
එළවළු මිලදී ගැනීමට වෙළෙදුන් වැඩි වශයෙන් පැමිණිය ද දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු රැගත් ව්‍යාපාරිකයන් පැමිණෙන්නේ අඩුවශයෙන් බව වාර්තා වනවා.