අප්‍රිකාවේ දකුණු කලාපයට බලපා ඇති දැඩි නියං තතත්වය හේතුවෙන් මිලියන ගණනක පිරිසක් කුසගින්නේ පසුවන බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා.
පසුගිය වසරේ අගභාගයේ සිට බලපා ඇති දැඩි නියං තත්ත්වය හේතුවෙන් මිලියන 20ක පමණ පිරිසක් ප්‍රමාණවත් තරම් ආහාර නොමැතිකමින් පිඩා විදින බවයි වාර්තා වන්නේ.
අප්‍රිකාවේ දකුණු කලාපයේ සිම්බාබ්වේ සැම්බියා/ මලාවි / බොට්ස්වානා /ඇන්ගෝලා මොසැම්බික් හා මැඩගස්කර් ඇතුළු රටවල් රැසක් මෙලෙස දැඩි නියං තත්ත්වයට මුහුණ දී සිටිනවා.
එම රටවල ජනතාව එක් කාලයකදී අධික වර්ෂාපතනයෙන් හා අනෙක් කාලයේදී දැඩි නියං තත්ත්වයන් හේතුවෙන් පිඩාවට පත්ව සිටින බවයි ජාත්‍යන්තර සංවිධාන පෙන්වා දෙන්නේ.
නියං තත්ත්වය හේතුවෙන් වගාවන් සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර මිලියන 20ක පමණ පිරිසකට අවශ්‍ය මානුෂීය ආධාර හැකි ඉක්මනින් ලබා දීමට කටයුතු කළ යුතු බව එම සංවිධාන පවසනවා.