ශ්රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවන ටෙස්ට් ක්රිකට් තරගයේ හතරවන දිනය අදයි.
ඊයේ (01) තුන්වන දිනට තරගය නතර කරන විට සිය දෙවන ඉනිම ලෙස ශ්රී ලංකා කණ්ඩායම කඩුලු 06ක් දැවී ලකුණු 102ක් රැස්කරගෙන සිටියා.
ඒ අනුව ශ්රී ලංකාව මේ වනවිට ලකුණු 455ක් ඉදිරියෙන් සිටිනවා.
ශ්රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 531 ක් රැස් කළ අතර බංග්ලාදේශ කණ්ඩායමට පළමු ඉනිම සදහා ලබා ගැනීමට හැකි වුයේ ලකුණු 178ක් පමණි.