රත්නපුර දිස්ත්රික්කයේ ප්රදේශ කිහිපයකට නාය යාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ රත්නපුර, වැලිගෙපොළ, බලංගොඩ සහ ඉඹුල්පේ ප්රාදේශීය ලේකම් කොට්ඨාසවලට මෙලෙස නාය යෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි.
ඒ අනුව ඊයේ (01) රාත්රී 07 සිට අද (02) රාත්රී 07 දක්වා එය වලංගු වනවා.