කොළඹ සිට ගල්කිස්ස දෙසට ධාවනය වු මෝටර් රථයක් දෙහිවල ගුවන් පාලම මතදී හදිසි ගිනි ගැනීමට ලක්වූ දෙහිවල පොලීසිය පවසනවා.
විදුලි කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම ගිනි ගැනීම සිදු වී ඇති බවත් ගින්න හටගත් අවස්ථාවේ දී මෝටර් රථයේ රියැදුරු මෝටර් රථයෙන් පිටතට පැන දිවි ගලවා ගෙන ඇතැයි පොලිසිය පවසයි.
ගිනි ගැනීම හේතුවෙන් ජීවිත හානී කිසිවක් සිදු වී නොමැත.
දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ රථ දෙකක් පැමිණ ගින්න නිවාදැමීමට කටයුතු කර තිබුණි.
දෙහිවල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.