මේ දිනවල කුඩා දරුවන් අතර පැතිර යන වෛරස් උණ රෝගයක් පිළිබඳව සෞඛ්‍ය අංශ විසින් අනතුරු ඇඟවීමක් සිදුකර තිබෙනවා.
මෙම රෝගය වයස අවුරුදු 12 ට අඩු දරුවන්ට ආසාදනය විය හැකි බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කළේ ය.
ඒ අනුව රෝගය වැළඳුණු දරුවන්ගේ මුඛය තුළ හා අත් පා මත කුඩා බිබිලි හට ගැනීම ද දැකිය හැකි ය.
කෙසේ වෙතත්, වැඩිදුරටත් ඒ මහතා සඳහන් කළේ රෝග ව්‍යාප්තිය බහුලව බස්නාහිර පළාතේ දැකිය හැකි බවයි.