රුසියා යුද නෞකා කිහිපයක් රතු මුහුදට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා.
රතු මුහුද කලාපයේ හූති කැරලිකරුවන්ගේ ක්‍රියාකාරකම් ඉහළ මට්ටමක පවතින අවස්ථාවකයි රුසියා යුද නෞකා එම කලාපයට පැමිණ ඇත්තේ.
හූති කැරලිකරුවන්ගේ ක්‍රියාකාරකම් මැඩ පැවැත්වීම සදහා බටහිර රටවල යුද නෞකා රතු මුහුදේ තම මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා.
රුසියාව ද රතු මුහුදේ තම මෙහෙයුම් ආරම්භ කර වෙළෙද නෞකාවලට ආරක්ෂාව සැපයීමට නියමිතයි.
හූති ක්‍රියාකාරකම් හේතුවෙන් සමාගම් රැසක් තම නෞකා රතු මුහුදේ ගමන් කරවීම අත්හිටුවීමට ද පියවර ගත්තා.