ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඇතුලු සැකකරුවන් සියලු දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ ලබන 08 වනදා දක්වායි.
මෙම නඩුව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද තවදුරටත් විභාගයට ගැනුණා.
එහිදී විමර්ශන සම්බන්ධ වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.
ඒ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණී ගිරිහාගම මහත්මිය විසිනුයි. ඉදිරි විමර්ශන සදහා සෞඛ්‍ය සේවා අධ්යක්ෂ නෙරාල්වරයාට සහ සෞඛ්‍ය ලේකම්වරයාට ප්‍රශ්නාවලියක් ඉදිරිපත් කිරීමට ඇය අධිකරයෙන් අවසර ඉල්ලා සිටියා.
හියුමන් ඉමියුනොග්ලොබියුලින් සහ රිටොක්සි මැප් යන ඖෂධ සපයා ඇත්තේ කුමන රෝහලට ද වාට්ටු අංක කවරේද රෝගීන්ගේ නම් / මෙතෙක් මරණ සිදුවේද යන ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙන ලෙස සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල්වරයාට නියෝග කරන ලෙසයි ඇය ඉල්ලා සිටියේ.
සෞඛ්‍ය ලේකම්වරයාට යොමු කරන ප්‍රශ්නාවලියට ඇතුළත් වන්නේ ආයතනික මට්ටමින් විමර්ශන සිදු කළාද /සිදු කරන්නේ කවුද / ඒ සම්බන්ධ වත්මන් තත්ත්වය කෙසේ ද ඒ පිළිබඳ නිගමනගවලට එළඹියේ නම් කවරේද යන්න ආදියයි.
නඩුවේ තුන්වන සැකකාරියගේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් ඇයගේ නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දැක්වුවා.
කොළඹ ජාතික රෝහලේ අධිකරණ වෛද්‍යවරයාට ඉදිරිපත් කර රෝගී තත්ත්වය හා මානසික තත්ත්වය පිලිබද වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසයි මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ.