සමරිසි පුද්ගලයින්ට විවාහ වීමේ අයිතිය ලබා දෙන පනතක් තායිලන්ත පාර්ලිමේන්තුව සම්මත කර තිබෙනවා.
සුළුතර ලිංගික ප්‍රජාව මුහුණදෙන ගැටළු සම්බන්ධයෙන් ආසියාවේ වඩාත්ම ලිබරල් සමාජ අතර තායිලන්තය කැපී පෙනෙනවා.
මේ අනුව සමවිවාහ පිළිගත් පළමු අග්නිදිග ආසියානු රට බවට තායිලන්තය පත්වනවා.
පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය පනතට පක්ෂව ඡන්ද 400ක් ලබා දුන් අතර විරුද්ධව ලැබුණේ ඡන්ද 10ක් පමණයි.
මෙම පනත බලාත්මක වුවහොත් තායිලන්තය සමරිසි විවාහ නීතිගත කළ තුන්වන ආසියානු රට වනු ඇති.
කෙසේ වෙතත් පනතට සෙනෙට් සභාවේ අනුමැතිය අවශ්‍ය වන අතර එය නීතියක් බවට පත්වීමට නම් තායිලන්ත රජුගේ අනුමැතිය අවශ්‍ය වනවා.