මසුන් ඇල්ලීමට ගිය තරුණයෙකු ඔහු විසින්ම භාවිත කළ මාළු දැලක පැටලී මියගොස් තිබෙනවා.
වාලච්චේන, පූනානි වැවේ මසුන් ඇල්ලීමට ගිය පුද්ගලයෙකු ඔහු විසින් භාවිතා කළ මාළු දැලක පැටලී ඊයේ (25) මියගොස් ඇති බවට ඔහුගේ පියා විසින් වාලච්චේන පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
මෙලෙස ජීවිතක්සයට පත් වී ඇත්තේ වයස අවුරුදු 23ක් වූ, පූනානි ප්රදේශයේ පදිංචි අයෙක්.
මරණකරු අසනීප තත්ත්වයක් හේතුවෙන් රැකියාවක් නොමැතිව නිවසේ පසුවන බවත්, ඔහු විසින් මාළු දැලක් රැගෙන පූනානි වැවේ මසුන් ඇල්ලීමට ගොස් සිටියදී මෙලෙස දියේ ගිලී ඇති බවට විමර්ශනවලදී අනාවරණය වූ බවයි පොලිසිය සඳහන් කළේ.
මෘත ශරීරය මහෙස්ත්රාත් පරීක්ෂණය සඳහා වාලච්චේන රෝහලේ නැත්පත් කර ඇති අතර වාලච්චේන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.