ඊශ්‍රායලයේ කෘෂිකාර්මික අංශයේ රැකියා ලබාදෙන පවසා මුදල් වංචා කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස රැකියා ලබාදෙන්නේ දෙරට අතර අවබෝධතා ගිවිසුමකින් වන බැවින් ඒ සඳහා කිසිදු අයෙකුට මුදල් ලබා නොදෙන ලෙස අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන්ගේ නම් භාවිත කරමින් මොහු මුදල් වංචා කර ඇති බවයි හෙළිවී ඇත්තේ.
සැකකරු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සිය භාරයට ගැණුනේ අමාත්‍යංශ පරිශ්රයේදීයි.
සැකකරු කොළඹ 7 විජේරාම මාවතේ පදිංචිකරුවෙකු වන අතර වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් ජාවාරම සිදුකරගෙන ගොස් තිබෙනවා.
පුද්ගලයින් 9 දෙනෙකුගෙන් රුපියල් හැත්තෑ හය ලක්ෂ පනස්දහසක මුදලක් මොහු වංචාරක ඇති බවයි විමර්ශන නිලධාරීන් පවසන්නේ.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 3 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
සැකකරුගේ බිරිඳ ද අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදුකරනවා.