අප රටේ බඩ ඉරිඟු වගාව ව්‍යාප්ත කිරීම සඳහා අවශ්‍ය බඩ ඉරිඟු බීජ නිෂ්පාදනය කිරීමට රුපියල් මිලියන 390ක වියදමින් ඉදි කරන ලද බඩ ඉරිඟු බීජ නිෂ්පාදන සැකසුම් මධ්‍යස්ථානය ඊයේ (23) වව්නියාව නෙලුක්කුලමේ දී විවෘත කරනු ලැබුවා.
මෙම සැකසුම් මධ්‍යස්ථානය සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය විසින් ලබා දී තිබෙනවා.
මේ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 390ක්.
බඩ ඉරිඟු බීජ සැකසුම් මධ්‍යස්ථානය විවෘත කිරීම කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතින් සිදු වුණා.
දැනට අප රටේ බඩ ඉරිඟු බීජ අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 1600ක්.
මින් හයෙන් එකක් මෙම සැකසුම් මධ්‍යස්ථානය මගින් සැපයීමට නියමිතයි.
අක්කර 300ක ගොවීන් 300ක් බඩ ඉරිඟු බීජ නිෂ්පාදනයේ යෙදී සිටියි.
මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා බඩ ඉරිගු බීජ ආනයනය නතර කර මෙරටට අවශ්‍ය සමස්ත බීජ ප්‍රමාණය රට තුළ නිපදවීම තම අරමුණ බවද සඳහන් කළා.
දැනට අප රටට අවශ්‍ය බඩ ඉරිඟු ප්‍රමාණය වාර්ෂිකව මෙය්රික් ටොන් ලක්ෂ පහකි.ඉන් 50%ක් පමණ මෙරට නිපදවීමට හැකි නමුත් තවත් 50%ක් ආනයනය කරයි.
මේ සඳහා වාර්ෂිකව විදේශ රටවලට ඇදී යන ඩොලර් ප්‍රමාණය රට තුළ ඉතිරි කර ගැනීම රජයේ අරමුණ යැයි ද අමාත්‍යවරයා පැවසුවා.