ත්‍රස්ත ප්‍රහාරයකින් රුසියාවේ 60 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
තවත් 100කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.
රුසියාවේ සුප්‍රකට ක්‍රොකස් සිටි වෙළඳ සංකීර්ණයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
මෙය මොස්කව් නගරයෙන් පිටත පිහිටි ජනප්‍රිය සාප්පු සවාරි මධ්‍යස්ථානයක් හා සංගීත මධ්‍යස්ථානයක් වන අතර තුවක්කු කරුවන් 12 දෙනෙකු පමණ පැමිණ වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.
ඔවුන්ගේ ආක්‍රමණයෙන් පසු ගින්නක්ද හට ගෙන තිබෙනවා.
ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ විශාල සංඛ්‍යාවක් හා ගුවන් යානා රැසක් ද යොදවා තිබුණා.
මොස්කව් අගනුවරට වයඹ දෙසින් ක්‍රස්නොගෝර්ස්ක්හි මෙම ගොඩනැගිලි සංකීර්ණය පිහිටා තිබෙනවා.
සාප්පු සංකීර්ණය තුළ පිපිරුම් හඬක් ද ඇසුණු බව ඇසින් දුටුවන් පවසනවා.