එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහකොමසාරිස් රෝහිත බෝගොල්ලාගම මහතා ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතයා ලෙස සිය අක්ත පත්‍ර භාරදුන්නා.
ලන්ඩනයේ පිහිටි ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධාන මුලස්ථානයේ දීයි මෙසේ අක්ත පත්‍ර භාරදී තිබෙන්නේ. බෝගොල්ලාගම මහතා සමුද්‍රීය නීතිඥවරයෙකු ලෙස ඔහු මෙතෙක් කළ සේවාව අගය කරමින් මෙම තනතුර ලැබී තිබෙනවා.
සමුද්‍රීය පරිසර ආරක්ෂාව පිළිබද පර්යේෂණ සිදුකිරීම අරමුණු කර ගනිමින් ලෝක මට්ටමේ විශ්වවිද්‍යාලයක් මෙරට පිහිටුවීමට බෝගොල්ලාගම මහතා කැමැත්ත පළ කළා.
එම විශ්වවිද්‍යාලය සදහා සහාය ලබාදෙන බවයි ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානයේ මහලේකම්වරයා මෙහිදි කියා සිටියේ.