ලෝක රූකඩ දිනයට සමගාමීව ග්රන්ථයක් එළිදැක්වීම අම්බලන්ගොඩ දී සිදු කෙරුණා.
අම්බලන්ගොඩ රූකඩ කලාව ලෝකයට ගෙන යන කලාභූෂණ විශ්වකලා කීර්ති ජනනන්දන ගම්වාරී ප්‍රෙමින් මහතායි මෙම ග්‍රන්ථය රචනා කර ඇත්තේ.
ඒ සිය අත්දැකීම් මුල්කර ගෙනයි. හෙළ රූකඩ නාට්‍ය කලාව නැමැති ග්‍රන්ථය දොරට වැඩිම සිදුකෙරුණේ බලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදීයි. නූල් රූකඩ සහ අත්රූකඩ ප්‍රදර්ශනයක් ද මීට සමගාමිව සංවිධාන කර තිබුණා.