උතුරු නැගෙනහිර මිය ගිය එල් ටී ටී ඊ ත්‍රස්තවාදී සාමාජිකයින් සිහිකරමින් මෙතෙක් පැවැත් වු මහවිරු සැමරුම් උත්සව පිළිබඳ පූර්ණ විමර්ෂණ වාර්තාවක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව නීතිපතිවරයා අභියාචනාධිකරණට දැනුම් දුන්නා.
මහවිරු සැමරුම් උත්සව වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර ඒවා තහනම් කිරිමේ නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු යුද හමුදා බුද්ධි අංශ නිලධාරියෙකු වන ආනන්ද ජයමාන රීට් පෙත්සමක් ගොනුකර තිබෙනවා.
එය කැඳවු අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනි සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ෂමින්ද වික්‍රම මහතායි මෙම දැනුම් දීම සිදුකළේ.
උතුරු නැගෙනහිර පළාත්වල පසුගිය නොවැම්බර් මාසයේ පැවති මහවිරු සැමරුම් උත්සව වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවට නීතිපතිවරයා අධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබාදී තිබු බව රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා පැවසුවා.
ඒ හේතුවෙන් අදාළ පෙත්සම තවදුරටත් පවත්වා ගෙන යාමේ අවශ්‍යතාවක් නැති බවයි පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන් පෙන්වා දුන්නේ.
ඒ අනුව අදාළ විමර්ෂණ වාර්තාව ගොනුකරන ලෙස රජයේ නීතිඥවරයාට නියම කෙරුණා.
අනතුරුව පෙත්සම ඉල්ලා අස්කර ගැනීම සම්බන්ධයෙන් වු ඉල්ලීම සලකා බලන බව ද විනිසුරු මඩුල්ල පැවසුවා.