රෝහින්ජ්‍යා සරණාගතයින් රැගත් බෝට්ටුවක් පෙරළීමෙන් පුද්ගලයින් 50 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
ඉන්දුනීසියාවේ අචේ ප්‍රාන්ත වෙරළට ඔබ්බෙන් මුහුදු ප්‍රදේශයේදී මෙය අනතුරට ලක්ව තිබෙනවා.
අවට සිටි ධීවරයින් අනතුරට පත් පුද්ගලයින් 6 දෙනෙකු බේරාගෙන තිබෙනවා.
අනතුරට ලක්වන අවස්ථාවේ එහි සරණාගතයින් 150 ක් පමණ ගමන් කරමින් සිටි බවයි වාර්තා වන්නේ.
ධීවරයන් ජංගම දුරකථන වලින් පටිගත කල දර්ශන මේ වන විට එරට සමාජ මාධ්‍ය වල සංසරණය වනවා.
කෙසේ වෙතත් මිය ගිය පිරිස තවදුරටත් ඉහළ යා හැකි බවයි සඳහන් වන්නේ.