ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයේ ගැඹුර හා සංකීර්ණ බව මැනවින් තේරුම් ගෙන ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අයි එම් එෆ් සාමාජිකයන් වෙත පවසා තිබෙනවා.
අයි එම් එෆ් සාමාජිකයන් පාර්ලිමේන්තුවේ දී හමුවූ අවස්ථාවේ සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසු බවයි විපක්ෂ නායක කාර්යාලය නිවේදනය කරන්නේ.
සමගි ජන බලවේගයේ මන්ත්‍රිවරුන් ඇතුලු පිරිසක් එම සාකච්ඡාවට එක්ව තිබෙනවා.
ආර්ථික අර්බුදය හමුවේ ඇති වී තිබෙන තත්ත්වයන් මැඩ පැවැත්වීමට ජාත්‍යන්තර අරමුදලේ සහාය අවශ්‍ය බව ද සජිත් ප්‍රේමදාස මහතා මෙහිදි පවසා තිබෙනවා.
ආර්ථික අර්බුදය විසදීම සඳහා අයි එම් එෆ් ඉදිරිපත් කර තිබෙන ඇතැම් යෝජනා සංශෝධනය විය යුතු බවයි විපක්ෂ නියෝජිතයන් මෙහිද පවසා ඇත්තේ.
ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී රටට උපරිම වාසියක් හා වට්ටමක් ලබා ගත යුතු බවත් යම් ණයක් අවභාවිත කර ඇත්නම් ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔවුන් මෙහිදි අවධාරණය කර තිබෙනවා.