කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව අද (21) වැඩි ඡන්දයෙන් පරාජයට පත්වුණා.
Contents
විශ්වාසභංගයට පක්ෂව ඡන්ද 75ක් සහ විරුද්ධව ඡන්ද 117ක් හිමිවුණා.
Update: කථානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම ඇරඹෙයි
සමගි ජන බලවේගය ප්රමුඛ විපක්ෂය විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහිව ගෙන එනු ලැබූ විශ්වාසභංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම ආරම්භ වී තිබෙනවා.
කථානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම අද
සමගි ජන බලවේගය ප්රමුඛ විපක්ෂය විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහිව ගෙන එනු ලැබූ විශ්වාසභංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම අද (21 ) සවස 4.30 සිදුකිරීමට නියමිතව තිබෙනවා.
එම යෝජනාව පිළිබඳ විවාදය 19, 20, 21 වශයෙන් දින තුනක් පුරාවට විවාදයට ගැණුනා.