කිලිනොච්චිය ධර්මපුරම් පොලිස් වසමේ නීතිවිරෝදීව වැලි ජාවාරමේ නිරත වූ ටිපර් රථ 5ක් සහ එහි රියදුරන් 5 දෙනෙකු ඊයේ (19) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ධර්මපුරම් , කල්ලාරු සහ පුලියන්පොක්කනෙයි ආදි ප්‍රදේශයන්හි නීතිවිරෝධී ලෙසින් වැලි ජාවාරමේ නිරත වන බවට ධර්මපුරම් පොලිසියට ලැබුණු තොරතුරුවලට එහි නිලධාරීන් පිරිසක් විසින් සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී අදාළ ටිපර්රථ පොලිස් භාරයට ගනු ලැබුවා.
ඇතැම් ටිපර් රථ රියදුරන් ව්‍යාජ බලපත්‍රද යොදා ගනිමින් වැලි ප්‍රවාහනය කරන බවට පොලීසිය විසින් අනාවරනය කොට ගෙන ඇති අතරම වැලි ජාවාරම් හේතුවෙන් කිලිනොච්චියේ කුඹුරු ගොවිතැන් වෙනුවෙන් ජලය ගලාබසින ඇලවේලී වෙතට දැඩි බලපෑමක් එල්ල වී ඇතැයිද කිලිනොච්චියේ ගොවීන් පෙන්වා දෙනවා.
මේ හේතුවෙන් කිලිනොච්චියේ සිදුකෙරෙන මහපරිමාන වැලි ජාවාරම් නැවත්වීමට බලධාරීන් කඩිනම් පියවර ගත යුතු බවටද කිලිනොච්චියේ ගොවි සංවිධාන විසින් පෙන්වා දෙනවා.