ආර්ථික ප්‍රතිස්ංස්කරණ සාර්ථක කර ගැනීම සඳහා මෙරට ජනතාව ඉවසීමෙන් සිදුකරන කැප කිරීම අගය කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධාරණය කරනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කලාපීය විධායක අධ්යක්ෂ ආචාර්ය ක්රිෂ්ණමුර්ති සුබ්‍රමනියම් මහතා රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා හමුවු අවස්ථාවේ දී මේ බව කියා සිටියා.
පසුගිය වසර තුළ ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් අත්කර ගෙන ඇති ප්‍රගතිය සම්බන්ධයෙන් සතුට පළ කළ සුබ්‍රමනියම් මහතා කියා සිටියේ ශ්‍රී ලංකාවේ වේගවත් නැගිටීම සම්බන්ධයෙන් බංග්ලාදේශය ඇතුලු රටවල් කරුණු විමසන බවයි.
විශේෂයෙන් බදු ක්‍රමය ඩිජිටල්කරණය සම්බන්ධයෙන් මෙහිදි කරුණු සාකච්ඡා කෙරුණා.
රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට ලබාදෙන සහයෝගය හුදෙක් ආර්ථික අතින් පමණක් නොව ලෝකය හමුවේ ශ්‍රී ලංකාව පිළිබද විශ්වාසය යළි තහවුරු කර ගැනිමට හේතු වු බවයි.