කෝප් කමිටුවේ සාමාජිකත්වය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතාව තේරීම් කාරක සභාව විසින් නම් කළ බව නියෝජ්‍ය කථානායකවරයා විසින් අද (20) උදෑසන පාර්ලිමේන්තුවට දැනුම් දුන් අවස්ථාවේ තමා එම ධුරයෙන් ඉල්ලා අස්වෙන බව වසන්ත යාපා බණ්ඩාර මහතා නියෝජ්‍ය කථානායකවරයාට දැනුම් දුන්නා
තමාගේ ඉල්ලා අස්වීම ලිඛිතව ඉදිරියේ දී ලබාදීමට කටයුතු කරන බවයි ඒ මහතා පැවසුවේ .
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සාමාජිකත්වය දැරූ ගාමිණී වලේබොඩ මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම් මහතා, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඉරාන් වික්‍රමරත්න, හේෂා විතානගේ සහ එස්. එම් මරික්කාර් යන මහත්වරු, පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වුණා.