රේගු වෘත්තිය ක්‍රියාමාර්ගය තාවකාලිකව අවසන් කිරීමට රේගු නිලධාරීන්ගේ සංගමය තීරණය කළා.
රේගු ගිණුමක් මහා භාණ්ඩාගාරය යටතට පවරා ගැනීමට විරෝධය පළ කරමින් රේගු වෘත්තිය සමිති පසුගිය දින පහ පුරා වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරතව සිටියා.
ඒ හේතුවෙන් රේගු නිෂ්කාශණ ඒකකයේ බාහලුම් 2000කට ආසන්න ප්‍රමාණයක් සිරවී දැඩි ගැටලු තත්ත්වයක් ද මතු වුණා.
මේ පිළිබඳ රේගු වෘත්තිය සමිති , රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සමඟ සාකච්ඡා කර තිබෙනවා.
ඒ අනුව වෘත්තිය ක්‍රියාමාර්ගය තාවකාලිකව නතර කිරීමට තීරණය කළ බව රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලි අරුක්ගොඩ මහතා අප කළ විමසීමක දී ප්‍රකාශ කළා.