2024.03.17 වන දින ප.ව.04.00 පමණ ගාල්ල බන්ධනාගාරයේ තාප්පයට පිටතින් කිසියම් පුද්ගලයෙකු විසින් එහි බන්ධනාගාර රෝහල පරීශ්‍රයට තහනම් ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් විසි කර ඇති අතර, එම පාර්සලය රාජකාරී නියුතු ජේලර්වරයෙකු විසින් අත්අංගුවට ගෙන තිබෙනවා.
එම පාර්සලය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී පාර්සලය වැටී තිබු ස්ථානය අසලින් බන්ධනාගරගත සැකකරුවෙකු රැඳී සිට ඇති බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
එම සැකකරු ආයතනය තුළ මත් ද්‍රව්‍ය ජාවාරම් කිරීම හා තහනම් ද්‍රව්‍ය බන්ධනාගාරය තුළට ගෙන්වා ගන්නා බවට තොරතුරු ලැබී ඇති අයෙකු බැවින් ජේලර්වරයා විසින් සැකකරු කැඳවා අදාල පාර්සලය පිළිබද ප්‍රශ්න කර තිබෙනවා.
මෙම සිදුවීමෙන් පසු දින එනම් 2024.03.18 වන දින පෙරවරුවේ ජේලර්වරයාගේ පුද්ගලික නිවසේ දොර විවෘත කරන අවස්ථාවේදී නිවස ඉදිරිපිට අවමංගල්‍ය කටයුතු සදහා යොදා ගන්නා මල් වඩමක් හා ඉටිපන්දමක් තබා ගොස් ඇති අතර, සිදුවීම සම්බන්ධයෙන් ජේලර්වරයා විසින් අම්බලන්ගොඩ පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා
සිදුවීම සම්බන්ධයෙන් ජේලර්වරයෙකු යොදවා විමර්ෂණයක් ආරම්භ කිරීමටත් සැකකරු වෙනත් බන්ධනාගාරයකට මාරු කිරීමටත්, කටයුතු කළ බවද සඳහන්