පාසල් නිවාසාන්තර ක්‍රීඩා උලෙළ අලුත් අවුරුදු නිවාඩුවෙන් පසුව සංවිධාන කරන ලෙස සියලු පාසල්වල විදුහල්පතිවරුන්ට අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා උපදෙස් දී තිබෙනවා.
අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ උෂ්ණාධික කාලගුණ තත්ත්වය නොසළකමින් පාසල් රැසක් නිවාසාන්තර ක්‍රීඩා උළෙල සංවිධාන කර ඇති බව නිරීක්ෂණය වී ඇති බවයි.
පළමු පාසල්වාරය අලුත් අවුරුදු නිවාඩුවෙන් පසුව ද ක්‍රියාත්මක වන බැවින් එම කාලයේ දී ක්‍රීඩා තරග පැවැත්වීමේ හැකියාව පවතින බව සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා කියා සිටියා.