මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන්වන අදියර වන පොතුහැර සිට ගලගෙදර දක්වා වන ව්‍යාපෘතියේ පොතුහැර සිට රඹුක්කන දක්වා ඉදිකිරීම් මේ වනවිට සිදුකෙරෙනවා.
එම කොටසේ ඉදිකිරීම් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ නිරීක්ෂණයට ලක්වුණා.
මධ්‍යම අධිවේගී මාර්ගයේ සමස්ත දුර කිලෝමීටර් 32.45ක්. තුන්වන අදියර පොතුහැර සිට ගලගෙදර දක්වා ඉදිකෙරෙන අතර එම කොටස අන්තර් හුවමාරු 4කින් සමන්විතයි.
ඒ පොතුහැර, පොල්ගහවෙල, රඹුක්කන සහ ගලගෙදර යන ස්ථානවලයි.
මෙම ව්‍යාපෘතියේ පොතුහැර සිට රඹුක්කන දක්වා කිලෝමීටර් 13.7ක් වන කොටසේ ඉදිකිරීම් මේ වනවිට සිදුකෙරෙනවා.
අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා එම කොටසේ ඉදිකිරීම් නිරීක්ෂණය කළා.
2022 වසරට පෙර රුපියල් බිලියන 29කට ආසන්න මුදලකින් මෙහි ඉදිකිරීම් අවසන් කිරීමට සැළසුම්කර තිබුණා. එහෙත් රට මුහුණ දුන් ආර්ථික අර්බුදය හමුවේ ඩොලරයේ අගය ඉහළ යාමත් සමග රුපියල් බිලියන 52කට අධික මුදලක් ඒ සදහා වැයවනු ඇති බවට නිලධාරීන් අමාත්‍යවරයාට පෙන්වා දුන්නා.
පොතුහැර සිට රඹුක්කන දක්වා මූලික අදියරේ ඉදිකිරීම් ලබන වසර වනවිට අවසන් කිරීමටත් 2026 වසරේ ජූලි මාසය වනවිට සම්පූර්ණයෙන් ඉදිකිරීම් අවසන් කිරීමටත් සැළසුම් කර තිබෙනවා.
එලෙස ඉදිකිරීම් අවසන් කිරීමෙන් පසු මීරිගම සිට රඹුක්කන දක්වා මධ්‍ය අධිවේගී මාර්ගය භාවිත කරමින් ගමනා ගමන පහසුකම් සළසාගත හැකි බව මාර්ග සංවර්ධන අධිකාරිය පෙන්වා දෙනවා.