පූජ්‍ය කිරිදිවැල සෝමරතන ස්වාමීන් වහන්සේට සද්ධර්ම කීර්ති ශ්‍රී සුමනතිස්ස ඉන්දසාර යන ගෞරව නාමය සහිතව උතුරු නැගෙනහිර දෙපලාතේ සමත බලසම්පන්න ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය පිරිනමා තිබෙනවා.
මල්වතු මහාවිහාරීය කාරක සංඝ සභාවයි මෙම ධුරය පිරිනැමුවේ.
පුලුකුනාව රජමහා විහාරය, අම්පාර සාම බෞද්ධ විහාරය, කල්මුණේ ශ්‍රී සුභද්‍රාරාමය, අරන්තලාව ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය ඇතුළු විහාරස්ථාන ගණනාවක විහාරාධිපති ධුරය දරමින් බුද්ධ ශාසනයේ උන්නතිය වෙනුවෙන් කළ මෙහෙවර අගයමින් උන්වහන්සේට මෙම පදවිය පිරිනමා තිබෙනවා.
ඒ වෙනුවෙන් විශේෂ උත්සවයක් මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් අරන්තලාව ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ දී පැවැත්වුණා.
එහිදී පූජ්‍ය කිරිදිවැල සෝමරතන ස්වාමීන් වහන්සේට සන්නස් පත්‍රය ප්රදානය කිරීම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් සිදුකෙරුණා.
එහිදී උන්වහන්සේ වෙත විජිනිපත පිළිගැන්වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී වීරසිංහ මහතායි.