බේකරි නිෂ්පාදන සාධකවල මිල අඩුවීම හේතුවෙන් පාන්, කේක් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ගණන් අඩුකර ජනතාවට සහන සැළසිය යුතු බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා පවසනවා.
බේකරි නිෂ්පාදන සදහා අවශ්‍ය අමුද්‍රව්‍යවල මිල ගණන් ද පසුගිය කාලය තුළ ඉහළ ගිය අතර ඊට සමගාමීව පාන්, කේක් ඇතුළු අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ද ඉහළ දැමුණා.
බිත්තර, සීනි, මාගරින් වැනි අමුද්‍රව්‍ය වල මිල අධික ලෙස ඉහළ යාම හමුවේ කේක් මිලද ඉහළ ගිය අතර මීට වසර තුනකට පමණ පෙර කේක් කිලෝවක් මිලදී ගත් මුදලෙන් මේ වනවිට මිලදී ගත හැක්කේ කේක් ග්‍රෑම් 250ක් වැනි සුලු ප්රමාණයකි.
මෙම අර්බුද හමුවේ පාරිභෝගිකයින්ගේ මිලදී ගැනීමේ හැකියාව අඩුවීම හමුවේ සියලුම බේකරි නිෂ්පාදනවල ඉල්ලුම ද පහළ ගියා.