අභාවප්‍රාප්ත සෝමා හේරත් මහත්මියගේ දේහයට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අවසන් ගෞරව දැක්වූවා.
උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාගේ මෑණියන් මෙන්ම රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාගේ මිත්තනිය වන සෝමා හේරත් මහත්මිය මිය යනවිට 98 වන වියේ පසුවුණා.
දේහය තැන්පත් කර ඇති කෑගල්ල නිවස වෙත ගිය අග්‍රාමාත්‍යවරයා දේහයට අවසන් ගෞරව දැක්වූවා.
දේශපාලනඥයින් මෙන්ම විශාල පිරිසක් දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණෙමින් සිටිනවා.
අභාවප්‍රාප්ත සෝමා හේරත් මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ කෑගල්ල නගර සභා ආදාහනාගාරයේදී සිදුකිරීමට නියමිතයි.