විෂ මත්ද්‍රව්‍ය වැටලීම සඳහා දිවයින පුරා ඊයේ සිදුකෙරුණු මෙහෙයුම්වලින් සැකකරුවන් 908 දෙනෙකු සහ සැකකාරියන් 13 දෙනෙකු අත්අඩංගුවට ගැනුනා.
වැටලීම් 926ක දී සැකකරුවන් 908 දෙනෙකු සහ සැකකාරියන් 13 දෙනෙකු අත්අඩංගුවට ගැණුනා.
ඉන් 73 දෙනෙකු රඳවා තබා ගැනීමේ නියෝග ලබා ගැනීමට නියමිතයි.
සැකකරුවන් 7 දෙනෙකුගේ වත්කම් විමර්ෂණ කෙරෙන අතර 23 දෙනෙකු පුනරුත්ථාපනය සඳහා යොමුකෙරෙනවා.
බස්නාහිර පළාත ආවරණය වන පරිදි සිදුකළ වැටලීම් වලින් හෙරෝයින් ග්‍රෑම් 153ක් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 179ක් ඇතුලු මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සොයා ගෙන තිබෙනවා.
එමෙන්ම දකුණු පළාත ආවරණය වන පරිදි සිදුකළ වැටලීම් වලින් ද හෙරෝයින් ගංජා ඇතුලු මත්ද්‍රව්‍ය රැසක් සොයා ගෙන ඇති අතර සැකකරුවන් 65 දෙනෙකු සහ සැකකාරියක අත්අඩංගුවට ගෙන තිබෙනවා.