දිගු කලෙක සිට සැප කාර් රථයකින් අලෙවි කිරීම සඳහා සුක්ෂමව නීති විරෝධී මත්පැන් සඟවාගෙන යමින් සිටියදී පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට ගනෙ තිබෙනවා.
එහි දී නීති විරෝධී මත්පැන් ලීටර් 101 යි මි.ලී. 250 ක් පොලිතීන් උර මත සුක්ෂමව ඇසුරුමි කර ජාවාරමි කිරීම සඳහා කාර් රථයකින් ප්රවාහනය කරමින් සිටි රාගම, බටුවත්ත ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 39 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා රාගම පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.