ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් 2026 වසරේ 20-20 ලෝක කුසලාන තරඟාවලිය පිළිබඳව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම නිවේදනය මගින් ඔවුන් සඳහන් කරන්නේ සත්කාරකත්වයද සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම 2026 වසරේ 20-20 ලෝක කුසලාන තරගාවලිය සඳහා ඍජුවම සුදුසුකම් ලබාගෙන ඇති බවයි.
2026 ක්‍රිකට් ලෝක කුසලානයට අදාළ තරග ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ පැවැත්වීමටයි තීරණය කර ඇති පසුබිමක මේම නිවේදනය නිකුත් කර තිබෙනවා.
ඒ අනුව නිසැකයෙන්ම ශ්‍රී ලංකාව මෙම තරඟාවලිය සඳහා සුදුසුකම් ලැබීම විශේෂත්වයක්.