කොළඹ කොටස් වෙළෙඳපොළේ පසුගිය සතියේ පිරිවැටුම රුපියල් බිලියන 8.87 ක් වන බව කොළඹ කොටස් වෙළෙඳපොල නිවේදනය කරනවා.
පසුගිය සතියේ සියලු කොටස් මිල දර්ශකය සාමාන්‍ය වර්ධනය සියයට 2.63 ක අගයේ පවතිනවා.
එස් ඇන්ඩ් පී /එස් එල් විස්ස දර්ශකයේ සාමාන්‍ය වර්ධනය මෙම සතියේදී සියයට 3.11 ක් බවයි කොටස් වෙළදපොළ සදහන් කරන්නේ.
මාර්තු 15 වන දිනට වෙළෙදපොළ ප්‍රාග්ධනීකරණය රුපියල් බිලියන 4495.36 ක් ලෙස සටහන් වනවා. බ්ලූ ඩයමන්ස් ජුවලරි වර්ල්ඩ් වයිඩ් / ස්ටෑන්ඩඩ් කැපිටල් / ලන්කෙම් ඩිවෙලොප්මන්ස් / සිලෝන් ප්‍රින්ටර්ස් හා ඒෂියා ඇසෙස්ට් ෆයිනෑන්ස් යන සමාගම් මෙම සතියේ ඉහළම වර්ධනයක් පෙන්නුම් කළ කොටස් ලෙස දැක්විය හැකියි.
මේ අතර රුපියල තවත් ශක්තිමත් කරමින් ඩොලරයේ අගය 300 සීමාවට ලංව තිබෙනවා.
ඇමෙරිකා ඩොලරයේ ගැනුම් මිල සටහන් වන්නේ රුපියල් 300.60ක් ලෙසයි. එහි විකුණුම් මිල රුපියල් 310 ශත 20 ක් ලෙස සටහන් වනවා.